නුඹ අහිමි වසන්තය...


එරෙහිවන දෙහදවතට
සඳු අහසෙ හිනැහේවි
ඒ සිනා නොම දැනෙන
කඳුළු නෙතඟට ඒවි...

නාඳුනන ලෙසින් ඔබ 
හෙට යන්නටම යාවි 
පාළු මකනට හදේ 
සුසුම් විතරක් වේවි...

දුරක නුඹ ඇදුනාට 
මතකෙ නෙත් රිදවාවි
පාට ගෑ සිහින අපි 
සුළඟේ ඔහෙ විසිරේවි...

මල පරව යන විගස
බඹරින්දු තනිවේවි
වසන්තය එළඹෙද්දි
හුස්ම පොඳ ගිලිහේවි...​

No comments:

Post a Comment