හිතේ මියැදුණු ආදරයකට...
ඔබේ දෙනුවන් මගේ දුක ළග
එදත් වදවෙන්නට ඇති,
පුරා නෙතුකැන් තෙමා ගෙන නෙක
කදුළු මල් පීදෙන්නැති...
තියාගෙන උර මතින් ඔය හිස
මගේ තුරුලෙම ඉන්නැති,
මෙදා අපෙ වී ළඟින් ඉන්නට
අපි කරපු පින් මදි ඇති...
අපේ දෑඟිලි තුඩු බැඳෙන්නට
පිරිය යුතු තව පින් ඇති,
මතු භවෙක අපෙ වී රැඳෙන්නට
ගිවිසගෙන සමුගමු අපි...
No comments:
Post a Comment