​දෙව්දුවක් එනතුරා...


මට ඉන්න හිතෙනවා
ඔය උකුලෙ සැතපිලා
උණුහුමේ හිස හොවා
ආදරෙන් නැලවිලා..

සිපගන්නමයි ආස
පුංචි දෙතොලග පුරා
ගලන හඳ එළිය දෙස
බලාගෙන රෑ පුරා..

අත්ල මත අත් තබා
දෑසේ ඔබෙ සැඟවිලා
දුවයන්නමයි ආස
හිතට එන හැම දිහා...

තැවෙන හිත පසෙකලා
සෙනෙහෙ ගෙන හිත පුරා
එනවාද තුරුල්ලට
මගේ දෙව්දුව වෙලා..

No comments:

Post a Comment