හුදෙකලාව...


අමතකව ගිය ගීයක
පදපෙළක්
මුණගැසුණි අහම්බෙන්,
තාලයක් අහිමිව
හුදෙකලාව වැතිරගෙන
ඉකිගසන අහස යට...

ගිලිහී වැටෙන කඳුළු බිඳුවක නදින්
මැවිය හැකිද තාලයක්,
අහිමි උණුහුමක් සොයා
නොනැවතී ඇදී එන
බිඳෙන රළ හඬින්
මැවිය හැකිද තාලයක්,
නොනිමි හුදෙකලාව විනිවිද
නගන්නට නව තාලයක්
අමතකව ග‍ිය ගීයක
සුපුරුදු සුවඳ ගෙනඑන්න..

No comments:

Post a Comment