​​ ​නුඹයි, නුඹ පමණමයි...


කඳුළු කැට බේරිච්ච
දෙනෙත් පොඩි පිසදමා 
සිනාවැල් ගෙනාවේ 
නුඹයි, නුඹ පමණමයි...

දෑත් පොඩි පටලවන් 
පපුතුරේ හිස හොවන් 
මගේ දුක ගැන ඇහුවෙ 
නුඹයි, නුඹ පමණමයි...

මුතු අකුරු බොඳවෙච්ච 
විරහ කවි පන්හිඳේ 
ලියු එකම පෙම් කවිය 
නුඹයි, නුඹ පමණමයි...

මියෙන තුරු යම් දාක 
නහරවැල් පුරාවට 
දිවෙන සෙනෙහස් රුහිරු 
නුඹයි, නුඹ පමණමයි...

සෙවනැල්ල වී නිබඳ 
පසුපසින් සිටින්නට 
මා පතන එකම රුව 
නුඹයි, නුඹ පමණමයි...

No comments:

Post a Comment