හීන...

​ඉමක් නොපෙනන හීන පොදි බැඳ
මගේ හිත ඉකිබිඳිනවා
කලක් මෙපමණ බලා උන් සඳ
අහස් ගවුවෙන් මැකෙනවා...

කිසිත් නොකියන නිහඬ හිත ළඟ
මටත් තනිකම දැනෙනවා
රිසිත් අත්ලෙහි අත් තබන්නට
දෑත් ඔබෙ දුර ඇදෙනවා...

ලොවෙත් පොදු වු දහම පෙම ළඟ
මගෙ හිතත් පෙම පතනවා
කිසිත් නොම වැටහෙනා ලෙස හිඳ
ඔබේ හිත මග හරිනවා...​


​සුසුම් වැළපෙන හදේ ගැඹුරක
ඔබේ රුව තනි රකිනවා
නෙතේ නොදකින කඳුළු බිඳුවක්
හිතේ පෙඟිලා මැකෙනවා...​

No comments:

Post a Comment