වස්සාන සිසිලස...


ගිම්හානයේ සරතැසින්,
ගිලන්වූ තුරුපතක්,
සුසුම්ලයි අතු අග,
අතැර යානොහැකිව උණුසුම...

හදගැහෙන රිද්මය හදුනාගත නොහී,
ඇසිපිය සැලෙන නිමේෂයක,
සුළං කෝඩයට ,
සැලෙන සැම මො‍හොතකම...

පියමන්කරන තුරුපත් එකිනෙක,
බිඳුණු හදින් ගලනා,
උණු ලේ බිදුවක රත් පැහැය,
පවසයි වියෝගයේ වැලපුම...

හිමිදිරිය හා එන,
මල් තුහිනයක සිසිලසින්,
ලබන
මෘදු ඇසිල්ලක්,
අවදිකරවුවද සිතුවිලි...

වස්සානය නොවේ එය තුරුපතට,
ගිම්හානයේ හිරැ දහරින්,
හැරදමා යන මල්තුහිනයකට,
සමකල හැකිද වස්සාන සිසිලස...

No comments:

Post a Comment