අනෝරා වැහි වැටෙන දිනෙක
හමුවෙමු අපි,
වැහිබිදු එකින්එකගෙන
නිවාලන්නට හදවතේ ගිනි,
අන්ධකාරය දෙබෑකරවන
නොනවතින හෙණහඩින්
හැකිවෙිද නිහඩකරනට
විලාපදෙන හද‍වත,
කීරිගැහෙන සුළංරැල්ලකට
පොරබැදියහැකිද මෙිසුසුමි හා,
හමුවෙමු යළිත් අපි
අනෝරා වැහි වැටෙන දිනෙක
මකාළන්නට,
එක්ව ආ පියසළකුණු.

No comments:

Post a Comment