දවසක් දා


විසල් සෙවණයට,
අරැණලු පහස මැද,
පිණිබිදක පාමුල.
ඇගිලිතුඩු,
එකිනෙක මතින්,
රිද්මයට.
මෘදුව එක්වන,
දෑසින් දෑසවෙත,
නිහඩව.
අපමණ සිතිවිලි,
හද ගැහෙන ස්වරය මත,
නිමනොවන නිමෙිෂයක්.
නැවතත්,
නැවත නැවතත්,
නිමනොවන නිමෙිෂයක්.........

No comments:

Post a Comment