උදුවප් සීතලක......


පෙරදා දුටුව සිහිනෙක
අමතකව නොගිය අතීතයක
සිහින් දියසීරාව
ඇහිපියන් යට ගුලිවී
මෝසමි හීතලෙන් නිදිවරන හිතළග
තනිකම මකන උණුසුමක්,

කවුළුවෙන් එපිට
පෙනෙන නොපෙනෙන මානයක
ශීත මල්තුහිනයක සරදමින්
හිරිවැටුනු තුරැපතක්
අයදින රිවිදහරක මදහසක්,

උදුවප් සීතලේ හුදෙකලාවී
ඉකිබිදින අහසයට
අමතකව නොගිය අතීතයක
දෙහිතක,දෙමංසලක
මුනිවතරකින පැතුමක්

4 comments:

  1. මැක්සා....ඔයාට මෙහෙම දේවල් පුලුවන් කියල දන්නේ අද........ හරිම ලස්සනයි..

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි :) :) :)

    ReplyDelete
  3. ලස්සනයි සුභ පැතුම්

    ReplyDelete